ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි මෙම සිසුවිය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිසුවිය පසුගිය ජුලි මාසයේ දී කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනාගේ මරණවලින් පසු මෙම සිසුවිය ද දැඩි මානසික පීඩනයකින් සිටි බවයි ඇයගේ පියා විසින් පොලිසිය වෙත පවසා ඇත්තේ.
මෙම සිසුවිය ඊයේ (07) පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් එහි 29 වන මහලෙන් පැන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
29 වන මහලෙන් පැන්න සිසුවියගේ සිරුර 03 වන මහලේ තිබී සොයා ගැනුණු අතර, ඇය සියදිවි හානිකර ගැනීමට නෙළුම් කුලුන වෙත පැමිණෙන ආකාරය ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබෙනවා.
මේ අතර සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා.














Hi guys study islam and quran you will never regret who ever have suicidal urge don’t do that before research on Islam with open mind and you will see hope in islam