නිව්යෝර්ක් නුවර රහස් චීන පොලිස් ස්ථානයක් පවත්වාගෙන ගිය ඇමරිකානුවෙක් වරදකරු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර මැන්හැටන්හි චයිනාටවුන් ප්‍රදේශයේ රහසිගත චීන පොලිස් ස්ථානයක් පවත්වාගෙන යාමට සහාය වීම සම්බන්ධයෙන් ලු ජියැන්වැන්ග් නැමැති 64 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු වරදකරු බවට ඇමරිකානු අධිකරණ ජූරි සභාවක් විසින් තීරණය කර තිබෙනවා.

චීන රජයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය (MPS) වෙනුවෙන් 2022 වසරේ මුල් භාගයේදී මෙම රහසිගත කාර්යාලය විවෘත කර ක්‍රියාත්මක කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.

ඔහුට එරෙහිව චීන රජයේ නීතිවිරෝධී නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සහ පරීක්ෂණවලට අදාළ සාක්ෂි විනාශ කරමින් යුක්තිය පසිඳලීමට බාධා කිරීම (Obstruction of justice) යන චෝදනා ඔප්පු වී තිබෙනවා.

මෙම වරදවල් සඳහා ලු ජියැන්වැන්ග්ට වසර 30ක් දක්වා සිරදඬුවම් නියම විය හැකි බව නීති අංශ පවසනවා.

මෙහි අනෙක් විත්තිකරු වූ චෙන් ජින්පින්ග් නමැත්තා 2024 දෙසැම්බර් මාසයේදීම සිය වැරදි පිළිගත්තා.

ඔහුට දඬුවම් නියම කිරීම ද ඉදිරියේදී සිදුවීමට නියමිතයි .

එෆ්.බී.අයි (FBI) ආයතනය පවසන පරිදි, චීන රජයේ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහ චීන විරුද්ධවාදීන් ඉලක්ක කර කටයුතු කිරීමට මෙම රහස් පොලිස් ස්ථානය භාවිත කර තිබෙනවා.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ විදේශගතව සිටින චීන පුරවැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් නිරීක්ෂණය කිරීමට හා ඔවුන්ට තර්ජනය කිරීමට බෙයිජිං පාලනය විසින් ලොව පුරා රටවල් 53ක මෙවැනි රහස් මධ්‍යස්ථාන 100කට වඩා පිහිටුවා ඇති බවයි.

කෙසේ වෙතත්, චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ මේවා රියදුරු බලපත්‍ර අලුත් කිරීම සහ වසංගත ආධාර වැනි පරිපාලන සේවා සපයන “සේවා මධ්‍යස්ථාන” පමණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13