නැපෝලියන් බොනපාට්ගේ හිස්වැසුමක් වෙන්දේසියකට

නැපෝලියන් බොනපාට් 19 වැනි සියවසේ ප්‍රංශ අධිරාජ්‍යය පාලනය කළ සමයේ ඔහුට අයත්ට තිබූ හිස්වැසුමක් පැරිස් නුවර වෙන්දේසියේදී අලෙවි කිරීමට ඉදිරිපත් කර තිබෙනවා.

බයිකෝන් බ්ලැක් බීවර් ෆෙල්ට් හිස්වැසුම යුරෝ 600,000 සහ යුරෝ 800,000 (£525,850-£701,131) අතර අගයක් ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතිහාසඥයින් පවසන්නේ හිස් වැසුම් නැපෝලියන්ගේ අනන්‍යතාවයේ කොටසක් බවයි. මෙම හිස්වැසුම් පැළඳීමෙන් ඔහු යුද පිටියේදී පවා හඳුනා ගැනීමට හැකිව තිබුණා.

වසර ගණනාවක් පුරා ඔහුට බයිකෝන් තොප්පි 120ක් පමණ හිමි වූ අතර ඉන් මේ වන විට ඉතිරිව ඇත්තේ 20ක් පමණ ප්‍රමාණයක්. ඉන් බොහොමයක් පවතින්නේ විවිධ පෞරාණික ද්‍රව්‍ය රැස් කරන පුද්ගලයන් සතුවයි.

පසුගිය වසරේ මියගිය කර්මාන්තකරුවෙකු විසින් රැස් කරන ලද අනෙකුත් නැපෝලියන් සිහිවටන සමඟ මෙම හිස් වැසුම විකිණීමට නියමිතයි.

අධිරාජ්‍යයා ඔහුගේ තොප්පිය පැළඳ සිටියේ උරහිස් වලට සමාන්තරව “එන් බැටේල්” ලෙසින්. නමුත් ඔහුගේ බොහෝ නිලධාරීන් උරහිස් වලට ලම්බකව තම තොප්පි පැළඳ සිටියා.

වෙන්දේසිකරු ජීන් පියරේ ඔසෙනාට් පැවසුවේ: “මිනිසුන් මෙම තොප්පිය සෑම තැනකම හඳුනාගෙන ඇත. ඔවුන් එය යුධ පිටියේදී දුටු විට, නැපෝලියන් එහි සිටින බව ඔවුන් දැන සිටියහ. තවද පෞද්ගලිකව සිටින විට, ඔහු සෑම විටම එය ඔහුගේ හිස මත තබා හෝ ඔහුගේ අතේ තිබුණා, සමහර විට ඔහු එය බිමට විසි කළේය. ඒ රූපය – අධිරාජ්යයාගේ සංකේතය විය.”

වෙන්දේසි කරන්නන් පැවසුවේ මෙම තොප්පිය 19 වන සියවස පුරාවටම නැපෝලියන්ගේ මාලිගයේ අධිපතිවරයාගේ එකම පවුල තුළ ඉතිරිව ඇති නිර්දෝෂී ප්‍රභවයක් සහිත බවයි.

1815 දී වෝටර්ලූහිදී පරාජයට පත් වීමෙන් පසු නැපෝලියන්ගේ කරත්තයෙන් කොල්ලකන ලද රිදී පිඟානක් සහ රේසර්, රිදී දත් බුරුසුවක්, කතුර සහ වෙනත් බඩු බාහිරාදිය සමඟ ලී වැනටි පෙට්ටියක් අලෙවි කෙරෙන අනෙකුත් භාණ්ඩ අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31