නැඳුන්ගමුවේ රාජා 11 වනදා සිට මහජන ප්‍රදර්ශනයට

දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එළඹෙන 11 වනදා සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි සඳහන් කළේ.

එමෙන්ම චර්ම ශිල්පී ක්‍රමවේදය අනුව සංරක්ෂණය කළ සත්වයෙක් වසර 500ක් දක්වා කාලයක් තබා ගත හැකි බවත් ඒ අනුව ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ හස්තියාද එම කාලය දක්වා තබා ගත හැකි අයුරින් සකසා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මනෝරි ගුණතිලක පැවසුවේ.

ප්‍රතිනිර්මාණය කළ මෙම නැඳුන්ගමුවේ රාජා සඳහා ලක්ෂ 70කට ආසන්න මුදලක් වියදම් වූ බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මෙම මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

ඉන් වැඩිම මුදලක් වියදම් වූයේ සංරක්ෂණය කළ ඇතා තබා ගැනීම සඳහා සැකසූ විශේෂිත වීදුරු කුටීරයට බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම කුටීරය සැකසීම සඳහා මිලියන 16කට ආසන්න මුදලක් වියදම් වූ බව ඇය අදහස් දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27