දෙහිවල හෝටලයේ වෙඩි තැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ?

දෙහිවල – මුහුදුබඩ පාරේ පිහිටි හෝටලයක හිමිකරුවෙක් ඊයේ (09) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

නාඳුන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමේ දී මිය ගියේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක ඒ.ඩී. සනත් බාලසූරි ආරච්චි නොහොත් ‘සනා මාමා’ නැමැති අයෙක්.

මෙම පුද්ගලයාට අයත් හෝටලයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ‘සනා මාමා’ නැමැත්තා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ඝාතනය අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘චූවා සමන්ත’ නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

‘චූවා සමන්ත’ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නැමැත්තා අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට පවතින විරසකට හේතුවෙන්, බඩෝවිට අසංකගේ පාර්ශ්වය මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට මීට පෙර කිසිදු ජීවිත තර්ජනයක් එල්ල වී නොතිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40