ඇමරිකාව සහ ඉරානය එකිනෙකා වෙත එල්ල කරමින් සිටි ප්‍රහාර තාවකාලිකව නවතා දැමීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස යළිත් පහළ ගොස් තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 92ට වඩා පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්තවල දැක්වෙනවා.
එසේම පසුගිය සතියේ ඩොලර් 95 සීමාවේ පැවති ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද මේ වන විට ඇමරිකානු ඩොලර් 85ක් දක්වා පහත වැටී තිබෙනවා.
එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 9.44%කින් පහළ ගොස් ඇති අතර, ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.05ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













