දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීමට වෙඩික්කරුව රැගෙන ආ යතුරුපැදිකරු අල්ලයි

දෙහිවල පොලිස් වසමේ දෙහිවල – ගල්කිස්ස ‘නිසල සෙවණ’ සුසාන භූමිය තුළ දී පසුගිය 19 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ ගල්කිස්ස පොලිස් වසමේ දී ගිනි අවියක් එල්ලකර බිය ගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ, අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම අපරාධයන්වල යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (26)
නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මෙම අපරාධ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 03ක්, අපරාධ සිදුකිරීම වෙනුවෙන් සැකකරුට ලබාදි තිබූ රුපියල් ලක්ෂ 02ක මුදලින් රුපියල් 55,000ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40