මහා සංඝ සමුළුව අද කොළඹ දී

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් මහා සංඝ සමුළුවක් අද (27) දිනයේ කැදවා තිබෙනවා.

‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන තේමාව යටතේ මෙම මහා සංඝ සමුළුව පැවැත් වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පස්වරු 2.30ට මෙම සංඝ සමුළුව පැවැත්වීමට නියමිත අතර, මේ වෙනුවෙන් දිවයිනේ සියළුම ප්‍රදේශවල මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි.