පුත්තලම – කොළඹ පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක

පුත්තලම – කොළඹ සාමාන්‍ය සහ සුඛෝපභෝගී පුද්ගලික බස් රථ අද (27) පස්වරුවේ සිට ධාවනයෙන් ඉවත් වෙමින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ සිට පුත්තලම හරහා ධාවනය වන දුර ගමන් සේවා බස් රථ සේවකයින් පසුගිය දින කිහිපය තුළ තම බස් රථ සහ සේවකයින්ට පහරදුන් බවයි වර්ජනයේ නියුතු බස් සේවකයින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය හෝ ගමනා ගමන කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගන්නා බවත් වර්ජනයට එක්ව සිටින පිරිස් කියා සිටිනවා.

පසුගිය 20, 24, 25 සහ 26 යන දිනවල දී හලාවත සහ මුන්දලමේදී තමන්ට ඔවුන් විසින් පහර දුන් බවත්, පහර කෑමට ලක්වූ ඇතැම් බස් සේවකයින් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වර්ජනයට එක්ව සිටින පුත්තලම – කොළඹ පෞද්ගලික බස් සේවකයින් සඳහන් කරන්නේ.

තමන්ට සාධාරණයක් ඉටුවන තුරු මෙම වර්ජනය සිදුකරන බව එම බස් සේවකයින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48