AFC Banner
Empty Ad
Empty Ad

දෙමව්පියන්ගේ නිවසේ රැඳී සිටි 18 බිරිඳ, සැමියා ඇවිත් පැහැරගෙන ගිහින් (ඡායාරූප)

මාස කිපයක විවාහය අත්හැර යළි හලාවත, මුනුවන්ගම ප්‍රදේශයේ පිහිටි සිය මවිපියන්ගේ නිවසට පැමිණි සිටි තරුණ කාන්තාවක් විවාහ වූ සැමියා සහ තවත් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ 18 හැවිරිදි විවාහක තරුණියක් බවයි.

අදාළ පැහැර ගැනීම පසුගිය 19 වනදා සිදුව ඇති අතර, ඒ සඳහා එම තරුණියගේ සැමියා ඇතුළු පස්දෙනෙකු පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පැහැර ගැනීමට ලක්වූ තරුණිය හලාවත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටින අතර තුර උපකාරක පංතිවලට සහභාගී වෙමින් සිටිය දී හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

පසුව ඇය නිවසට හොර රහසේ එම තරුණයා සමඟ පලාගොස් විවාහ වී මාස කිහිපයක් ඔහු සමඟ එකට දිවිගෙවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විවාහ වූ 19 හැවිරිදි තරුණ සැමියා සිදුකළ හිරිහැර ඉවසාගත නොහැකිව තරුණිය පසුගිය මාර්තු මස 20 වනදා යළි මව්පියන්ගේ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එලෙස පැමිණ නිවසේ රැඳී සිටි තරුණිය, ඇයගේ සැමියා සහ පිරිසක් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී ඇයගේ මව පමණක් නිවසේ රැඳී සිට ඇති බවයි අනවරණය වී ඇත්තේ.

පැමිණි පිරිස මවට ද පහර දී විවාහක තරුණිය මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පැමිණිලි ලැබී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

තරුණ කාන්තාව තමන් බේරා ගන්නා ලෙස උදව් ඉල්ලමින්
මව හා දියණිය පොර බදමින් 1
මව හා දියණිය පොර බදමින් 4
සැමියා ඇතුළු පිරිස තරුණ කාන්තාව පැහැර ගෙන යන අයුරු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?