කුසල් මෙන්ඩිස් T20 පිටියේ 15 වැනි අර්ධ ශතකය ලබයි – ජයග්‍රහණයට ශ්‍රී ලංකාව තවත් ලකුණු 43ක් පසුපසින්

පන්දුවාර 20 තුන්වැනි සහ තීරණාත්මක ක්‍රිකට් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ලද ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ප්‍රවේගකාරී අර්ධ ශතකයක් ලබා ගැනීමට මීට ටික වේලාවකට (17) පෙර සමත් වුණා.

අද තරගය දඹුල්ල ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වුණු අතර එහිදී කාසියේ වාසිය දිනා අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම කොදෙව්වන් ලබාගත්තා.

ඔවුන් කඩුලු 08ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලකුණු 162ක් ලබා ගත්තා.

කොදෙව්වන්ගෙන් ලද අභියෝගාත්මක ලකුණු පුවරුව හඹා යෑම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී මේ වනවිට ලකුණු 118ක් ලබා සිටිනවා.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 37ක් වැය කරමින් ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ සිය 15 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුණා.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 03ක් ඇතුළත්.

පළමු කඩුල්ල ලෙස දැවී ගිය පැතුම් නිස්සංක ලකුණු 39ක් ලබා ගත්තා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමග පිටියේ රැඳී සිටින්නේ කුසල් පෙරේරා වන අතර ඔහු නොදැවී පන්දු 21කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 25ක්.

පළමු කඩුල්ල දවා ගැනීමේ කොදෙව් ගෞරවය හිමිවන්නේ ගුඩකේෂ් මොටී හටයි.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 09කට පන්දු 40කදී ලකුණු 45ක් අවශ්‍යව තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේදී පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් ජයගත් සිව්වැනි අවස්ථාව ද මෙය වන අතර ඔවුන්ට එරෙහිව මුහුණ දුන් තරග 18න් 10කම ජය එවිට හිමිකරගනු ඇත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18