ඉන්දියන් සාගරය, බටහිර පැසිෆික් කලාපය, මධ්‍යධරණී මුහුද සහ උතුරු අත්ලාන්තික් කලාපය ආවරණය කරමින් එකවර නාවික මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය නාවික හමුදාව සමත්ව තිබෙනවා.
2026 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම් මාලාවට අසල්වැසි රටවල්, අග්නිදිග ආසියානු රටවල්, ගල්ෆ් කලාපීය සහ අප්‍රිකානු රාජ්‍යයන් මෙන්ම යුරෝපීය සහ ඉන්දු-පැසිෆික් කලාපීය නාවික හමුදා ද එක්ව සිටියා.
බෙංගාල බොක්ක සහ ඉන්දියාවට ආසන්න මුහුදු කලාපයෙන් ආරම්භ වූ මෙහෙයුම් අතරට ඉන්දියා-මියන්මාර් ඒකාබද්ධ නාවික මුර සංචාරය, 13 වැනි ශ්‍රී ලංකා-ඉන්දියා නාවික අභ්‍යාසය වන SLINEX සහ පළමු බිම්ස්ටෙක් සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසය ඇතුළත්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති SLINEX අභ්‍යාසයට විශේෂ බලකා පුහුණුව, ගුවන් මෙහෙයුම් සහ මුහුදේදී නෞකාවලට සැපයුම් ලබාදීමේ පුහුණුව ද ඇතුළත් වුණා.
මේ අතර, විශාකාපට්නම්හිදී පැවැත්වෙන අටවැනි ඉන්දියා-මියන්මාර් නාවික අභ්‍යාසයට මියන්මාරයේ UMS King Sin Phyu Shin නෞකාව සමඟ ඉන්දියාවේ INS Rana සහ INS Sumedha නෞකා එක්ව සිටිනවා.
අග්නිදිග ආසියානු කලාපයේ මෙහෙයුම් යටතේ මැලේසියාව සමඟ Samudra Laksamana නාවික අභ්‍යාසය පැවැත්වුණු අතර, පිලිපීනයේදී පැවති ADMM-Plus සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා වැඩසටහනට ද ඉන්දීය නෞකා එක්වුණා.
දෙවැනි ආසියාන්-ඉන්දියා සමුද්‍රීය අභ්‍යාසය සහ සිංගප්පූරුව-ඉන්දියාව අතර SIMBEX නාවික අභ්‍යාසය ද මෙම මෙහෙයුම් මාලාවට ඇතුළත්.
ඉන්දීය INS Sahyadri නෞකාව රුසියාවේ ව්ලැඩිවොස්ටොක්හිදී රුසියානු නාවික හමුදාව සමඟ INDRA අභ්‍යාසයට සහභාගී වුණා.
අනතුරුව දකුණු කොරියාවේ බුසාන්හිදී එරට නාවික හමුදාව සමඟ ඒකාබද්ධ පුහුණුවක නිරත වූ එම නෞකාව, ජපානයේ යොකොසුකාහිදී අමෙරිකාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමඟ පැවති MALABAR නාවික අභ්‍යාසයට ද එක්ව සිටියා.
බටහිර දෙසින් මධ්‍යධරණී මුහුද සහ යුරෝපීය මුහුදු කලාප ආශ්‍රිතව ඉන්දීය INS Trishul නෞකාව ඊජිප්තුව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඕමානය සමඟ නාවික අභ්‍යාස රැසකට සහභාගී වී තිබෙනවා.
ප්‍රංශය සමඟ VARUNA අභ්‍යාසය සහ එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාව සමඟ KONKAN අභ්‍යාසය ද ඊට ඇතුළත්.
ඕමානය සමඟ Naseem Al Bahr අභ්‍යාසයට එක්වීමෙන් අනතුරුව එම නෞකාව ඊජිප්තුවේ Safaga නාවික කඳවුරට ද පැමිණියා.
එහිදී රතු මුහුදේ ආරක්ෂාව, ඒකාබද්ධ කිමිදුම් පුහුණුව සහ නාවික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ අතර, ඉන්දීය INS Tarkash නෞකාව කෙන්යාවේ නාවික හමුදාව සමඟ මොම්බාසාහිදී පුහුණු අභ්‍යාසයකට සහභාගී වූ අතර, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව සමඟ දකුණු අප්‍රිකාවේ සයිමන්ස් ටවුන් ආසන්න මුහුදේ පැවති ත්‍රෛපාර්ශ්වික IBSAMAR අභ්‍යාසයට ද එක්වුණා .
මෙවැනි පුළුල් නාවික මෙහෙයුම් සඳහා විශාල සැපයුම් සහ සම්බන්ධීකරණ සැලසුම් අවශ්‍ය වනවා.
තම මුහුදු කලාපය තුළ විදේශීය නාවික හමුදා සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමත්, දුරස්ථ මුහුදු කලාප වෙත නෞකා යොමු කිරීමත් හරහා ජාත්‍යන්තර නාවික සහයෝගීතාව සහ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම ඉන්දීය නාවික හමුදාවේ අරමුණ වී තිබෙනවා.
