Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කස්සප හිමි ඇතුළු පිරිස වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසම ඉවතට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප ඇතුළු හික්ෂූන් වහන්සේ පස් නමට ඇප ලබා ගැනීම වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා, අදාළ නඩුව කැඳවන්නැයි කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න ප්‍රතික්ෂේප කළා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි, කහටගස්දිගිලියේ විජිත හිමි, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

සැකකාර භික්ෂුන් වහන්සේලා පිරිස ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.