කුරුණෑගල පොලිස් වසමට ප්‍රදේශයකින් පැරණි අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.
කුරුණෑගල, රත්කරව්ව, දෙමලුස්ස ප්‍රදේශයේ දී එම ජීව අත්බෝම්බ දෙක සොයාගත් බවට පොලීසිය නිවේදනය කරනවා.
එම ප්‍රදේශයේ නිවසකට අවශ්‍ය වැසිකිළි වලක් කැපීමට යාමේදී නිවස හිමියන්ට එම ජීව අත්බෝම්බ දෙ හමුවී පොලිසිය වෙත දන්වා තිබෙනවා.
එම ඉඩම වෙන්දේසි ආයතනයකින් වත්මන් හිමිකරුවන් මිලදී ගත් එකක් බවට වාර්තාවෙනවා.
ඉන් අනතුරුව පොලිසිය වහාම එම ස්ථානය වෙත ගොස් එම බෝම්බ දෙක ඉවත් කිරීමට කටයුතු කළ බවට කටයුතු කර තිබෙනවා.
මෙය ඉතාම පැරණි අත්බෝම්බ දෙකක් බවත් වැඩිදුරටත් වාර්තාවෙනවා.
