දෙමව්පියන්ගේ නිවසේ රැඳී සිටි 18 බිරිඳ, සැමියා ඇවිත් පැහැරගෙන ගිහින් (ඡායාරූප)

මාස කිපයක විවාහය අත්හැර යළි හලාවත, මුනුවන්ගම ප්‍රදේශයේ පිහිටි සිය මවිපියන්ගේ නිවසට පැමිණි සිටි තරුණ කාන්තාවක් විවාහ වූ සැමියා සහ තවත් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ 18 හැවිරිදි විවාහක තරුණියක් බවයි.

අදාළ පැහැර ගැනීම පසුගිය 19 වනදා සිදුව ඇති අතර, ඒ සඳහා එම තරුණියගේ සැමියා ඇතුළු පස්දෙනෙකු පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පැහැර ගැනීමට ලක්වූ තරුණිය හලාවත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටින අතර තුර උපකාරක පංතිවලට සහභාගී වෙමින් සිටිය දී හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

පසුව ඇය නිවසට හොර රහසේ එම තරුණයා සමඟ පලාගොස් විවාහ වී මාස කිහිපයක් ඔහු සමඟ එකට දිවිගෙවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විවාහ වූ 19 හැවිරිදි තරුණ සැමියා සිදුකළ හිරිහැර ඉවසාගත නොහැකිව තරුණිය පසුගිය මාර්තු මස 20 වනදා යළි මව්පියන්ගේ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එලෙස පැමිණ නිවසේ රැඳී සිටි තරුණිය, ඇයගේ සැමියා සහ පිරිසක් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී ඇයගේ මව පමණක් නිවසේ රැඳී සිට ඇති බවයි අනවරණය වී ඇත්තේ.

පැමිණි පිරිස මවට ද පහර දී විවාහක තරුණිය මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පැමිණිලි ලැබී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

තරුණ කාන්තාව තමන් බේරා ගන්නා ලෙස උදව් ඉල්ලමින්
මව හා දියණිය පොර බදමින් 1
මව හා දියණිය පොර බදමින් 4
සැමියා ඇතුළු පිරිස තරුණ කාන්තාව පැහැර ගෙන යන අයුරු


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36