දකුණු අප්‍රිකාවට එරෙහිව T20 කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම තීරණය කෙරෙන රාත්‍රිය අදයි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි තරගය අද (18) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.

ඒ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් අතර සාජා නුවරදීයි.

ඊයේ (17) පැවති පළමු අවසන් පූර්ව වටයේ තරගය ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා ඔස්ට්‍රෙලියාවට ඇරයුම් කළා.

ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කළේ ලකුණු 134ක් පමණයි.

බෙත් මූනි ලකුණු 44ක් රැස් කළා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී අයබොන්ගා කහකා කඩුලු 02ක් ද, Marizanne Kapp, Nonkululeko Mlaba එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ගියා දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 17ක් අවසන් වීමට පෙර ලකුණු 135ක් ලබා කඩුලු 08ක් ජයක් ලබාගත්තා.

විශිෂ්ට ඉනිමක් නොදැවී ක්‍රීඩා කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනූ Anneke Bosch
ලකුණු 74ක් ලබාගත්තා.

නායිකා ලෝරා ලකුණු 42යි.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් Annabel Sutherland කඩුලු 02ක් බිඳ දැමුවා.

එමෙන්ම වත්මන් පන්දුවාර 20 කාන්තා ලෝක ශූරයින් වන ඔස්ට්‍රෙලියාව වසර 14කට පසුව මෙවර අවසන් මහා තරගයට පෙර ඉවත් වීම ද සුවිශේෂීත්වයක්.

පසුගිය වසරේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අවසන් මහා තරගයේ දී මුණගැසුණු අතර ලකුණු 19කින් විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ඔස්ට්‍රෙලියාව සමත් වුණා.

ඒ අනුව එළඹෙන 20 වැනිදා ඩුබායි හි දී දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තය හෝ කොදෙව්වන් ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48