රන්ජන් සහ ඩිල්ෂාන් නව දේශපාලන පක්ෂයකින් මහ මැතිවරණයට (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් නව දේශපාලන පක්ෂයකින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වනවා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ දේශපාලන පක්ෂයෙන් ඔවුන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට නියමිතයි.

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී නව පක්ෂය ප්‍රකාශ කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීම සිදු වුණා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ දේශපාලන පක්ෂයේ ලකුණ වන්නේ මයික්‍රෆෝනයයි.

  1. මේ දේශපාලන ව්‍යාපාරය නිවැරදිව අවබොධ නොකලගත්තොත් සොරි වෙනවා හොඳටම. LTTE හෙවනැලි හැමතැනම