විශ්‍රාමිකයින්ගේ රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව එන සතියේ සිට

සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024/08/24 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා මුදල් වෙන් කර තිබුනේ නැහැ.

මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා ඊට අදාළ මුදල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව 2024 ඔක්තෝම්බර් මස විශ්‍රාම වැටුප සමඟ නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයින් මුහුණ දී ඇති දුෂ්කරතා හා ඒ පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම සලකා බලමින් පවතින රාජ්‍ය මූල්‍ය දුෂ්කරතා තුළ වුව ද මෙම මස සිටම එම මුදල ලබාදීමට මෙහිදී ජනාධිපතිවරයා පියවර ගැනුණා.

ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

  1. 2016-2019 අතර විශ්‍රාම ගිය අයට මීට අමතරව දීමනාවක් ලබා දෙන බව නිවේදනය වුවද, ඒය ද ජනපතිවරනය නිසා කල් ගියා. ඒ සදහා ගන්නා කි්‍රයා මාර්ගය කුමක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14