කොදෙව්වන්ට එරෙහිව මව්බිමේ දී ශ්‍රී ලංකාව සිව්වැනි වරටත් T20 ජයක් ලබයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉතිහාසගත T20 ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17) රාත්‍රියේ දී හැකි වුණා.

ඒ දෙරට අතර දඹුල්ලේ දී පැවති අවසන් T20 තරගය කඩුලු 09කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ රෝව්මන් පවල් පළමු ව ලකුණු රැස් කිරීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 08ක් දැවී සිය පන්දුවාර 20 තුළ දී ලකුණු 162ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය හමුවේ කොදෙව් මුල් පෙළ සේදී ගිය ද, ඉනිම ගොඩගත් නායක පවල් සහ මොටී එක්ව ශක්තිමත් ලකුණු 56කින් කණ්ඩායමට අහිමි ව ගොස් තිබූ ලකුණු ප්‍රමාණය යළි ගොඩගැනීමට සමත් වුණා.

මොටී පන්දු 15කින් හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 32ක් ලබාගත්තා.

රොව්මාන් පවල් පන්දු 27ක දී ලකුණු 37යි.

ඊට හයේ පහර 03ක් සහ හතරේ පහරක් ඇතුළත්.

පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ හා වනිඳු එක් ව කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක සහ මතීෂ පතිරණ හට හිමි වුණා.

පන්දු 120ක් තුළ එක් පන්දුවාරයකට අවම ලකුණු 08ක් හඹා යෑමේ වේගයක් සනිටුහන් කරගනිමින් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ වූ දැවැන්තම අභියෝගය බවට පත් වූ අතර; එය මනා කල්පනාකාරීව සිදු කරමින් ආරම්භයේ සිටම හැඩකාරී පිතිකරණයකට අවතීර්ණ වූ ආරම්භක පිතිකරුවන් දෙපළ වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගුවා.

එය බිඳී ගියේ පැතුම් නිස්සංක ලකුණු 39කට මොටීගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගින්.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සමග එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට පිටියේ ඉඩ නොතබා ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 පිටියේ අර්ධ ශතක වැඩියෙන් ම ලැබූ ක්‍රීඩක‍යින් අතර සිටි තිලකරත්න ඩිල්ෂාන් තබා තිබූ වාර්තා අබිබවා යමින් එය තමන් නමින් ලියා ගැනීමට ද ඊයේ සමත් වූයේ කොදෙව්වන්ට එරෙහිව සිය T20 15 වැනි අර්ධ ශතක ද වාර්තා කරමින්.

මෙන්ඩිස් පන්දු 50ක දී නොදැවී ලකුණු 68ක් රැස් කළා.

ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.

පෙර තරගවල සැනසිය හැකි ලකුණකට ඒමට නොහැකි වූ කුසල් පෙරේරා මෙවර කොදෙව්වන්ට එරෙහිව පන්දු 36ක් වැය කරමින් නොදැවී ලකුණු 55ක් ලබාගත්තා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජය ලබන විට ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 18ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 166ක් ලෙසයි.

මෙතෙක් ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර T20 තරග 18ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක ම ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව සිය මව් බිමේ දී කොදෙව්වන්ට එරෙහිව ලැබූ සිව්වැනි තරගාවලි ජය ද මෙය වනවා.

තරගාවලියේ වීරයා සම්මානය පැතුම් නිස්සංක දිනාගත් අතර කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා බවට පත් වුණා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන 20 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේදී ආරම්භ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14