මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන අශේන් සේනාරත්න ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට ඔහුගේ නාමයෝජනාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට අද (11) කටයුතු කර තිබුණා.
එලෙස ඉදිරිපත් කළ නාමයෝජනාව පිළිගත් අයෙකු විසින් භාර නොදීම යන හේතුව මත ප්‍රතික්ෂේප කළ බවයි අශේන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාමයෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.














If you have a problem, sort it out with Commission of Election and also take necessary legal action. WHY are you dragging OUR PRESIDENT AKD in to this ??? Commission of Election is independent authority.
Pissek
An attention seeking idiot
Mun wage wasala ballanta dennama hoda na mokadda muge thiyana sudusukama