2024 ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක් (වීඩියෝ)

අර්බුදයට තුඩු දුන් 2024; 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට ටික වේලාවකට (14) පෙර පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළා.

මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල්වරයා, විශේෂඥ කමිටු මණ්ඩලය සහ තවත් පාර්ශ්ව සමග පැවති අවසන් සාකච්ඡාවේදීයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ; විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත්තේ කිසිදු අයුරකින් විභාගය නැවත පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත්; විභාගයට පූර්වයෙන් නිකුත් වී ඇත්තේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 05, 13 හා 27 බවත්; ඒ සඳහා නිදහස් ලකුණු පිරිනැමීමට තීරණය කර ඇති බවයි.

එබැවින් අදාළ ප්‍රශ්න ත්‍රිත්ත්වය සඳහා පිළිතුරු ලියූ හෝ නොලියූ සෑම විභාග අපේක්ෂකයෙකුටම අදාළ නිදහස් ලකුණ පිරිනැමීමට කටයුතු කරනු ඇති.

එම ලකුණු පිරිනැමීමේ ක්‍රියාවලිය සහ ඇගයීම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

  1. වැටත් කියලත් ගොයම් කපා නම් කාට කියමුද ඒ අමාරුව.
    වි.කෝ ඇතුළු වි.දෙපාර්තමේන්තුව ජාතික විභාග පිළිබඳ ජනතාව අතර ඇති විශ්වාසය වරින් වර බිඳ වට්ටලා තියෙනවා. මේ විභාග කොමසාරිස් මද දිගටම ඉන්නෙ. බලධාරීන්ට ඇස් පේන්නේ නැද්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21