තෙල් ගෙනිච්ච කෝච්චියට බිලි වූ සද්දන්ත ජීවිත – දුම්රියත් අවලංගු කෙරේ (වීඩියෝ)

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වනඅලි දෙදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර අද (18) අලුයම 3.30ට පමණ සිදු ව ඇත්තේ කොළඹ – මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේ දී දුම්රිය සැතපුම් 146 1/2 ප්‍රදේශයේ දී බවයි.

මෙම දුම්රිය කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් සිට තිබෙනවා.

වනඅලි රංචුවක් ම මෙම දුම්රියේ ගැටී ඇති බවත් දෙදෙනකු එම අවස්ථාවේ දී මියගොස් ඇති බවත් අලි රංචුවේ බරපතළ තුවාල ලැබූ වනඅලින් ද සිටින බවත් වාර්තා වනවා.

වනඅලි ගැටීමෙන් ඉන්ධන දුම්රියට ද දැඩි අලාභ හානි සිදුව ඇති අතර එහි මැදිරියක් පෙරළී ගොස් තිබෙනවා.

මේ වන විට මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වනජීවී නිලධාරීන් එක්ව සිදුකරනවා.

මේ අතර කොළඹ – කොටුව සහ මඩකලපුව අතර අද දින ධාවනය වීමට නියමිත සියලු දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා.

ඒ මෙම අනතුර සිදුවීමෙන් පසුව ඇති වූ දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන්

දුම්රිය ගමන් වාර 6ක් අවලංගු කිරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21