කිවි – ඉන්දු පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (18) යි.

ඊයේ (18) දිනයේ දී සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 185ක් ලබා සිටියා.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ දිනයේ දී සිය පළමු ඉනිමේ දී මව්බිම තුළ පළමුවරට ලකුණු 46කට දැවී ගියේ අඳුරු ටෙස්ට් සටහනක් තම ක්‍රිකට් වංශයට එක් කරගනිමින්.

තරගයේ පළමු දිනය ම වර්ෂාව හේතුවෙන් අතහැරුණු අතර එබැවින් ඊයේ දිනයේදීයි තරගය නිල වශයෙන් ඇරඹුණේ.

මේ වනවිට ඉන්දියාවට එරෙහිව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ රචින් රවීන්ද්‍රා සමගින් ඩැරිල් මිචෙල්.

ඩෙවොන් කොන්වෙ ලකුණු 91ක් ලබා සිටියදී අශ්වින්ගේ පන්දුවකට දැවී ගියා.

කුල්දීප් යාදව් සහ ජඩේජා ද එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

මේ වනවිට නවසීලන්තය ඉන්දීය කණ්ඩායමට වඩා පළමු ඉනිමෙන් ලකුණු 142ක් ඉදිරියෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27