ඊශ්‍රායලය යුද ඉතිහාසයේ දැවැන්ත ජයක් ලබයි – සොයමින් සිටි සින්වාර් ඝාතනය කෙරේ (වීඩියෝ)

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම සොයමින් සිටි ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වර් (Yahya Sinwar) ඝාතනය වී ඇති බව ඊශ්‍රායල රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

යාහ්‍යා සින්වර් යනු පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ පිටුපස සිටින මහමොළකරු ලෙසයි ඊශ්‍රායලය විශ්වාස කෙරෙන්නේ.

එබැවින් සින්වර් ඝාතනය කිරීමට විවිධ අවස්ථාවල දී උත්සාහ ගැනුණ ද එය හරියට සිදු වූවා දැයි ඊශ්‍රායලයට තහවුරු කරගැනීමට හැකි වුණේ නැහැ.

ඒ සින්වර් එකවර අතුරුදන් ව සිටීම නිසාවෙන්.

මීට පෙර අවස්ථා කීපයක දී ඊශ්‍රායලය ගාසා තීරයේ උමං මාර්ගවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගියවුන් අතර සින්වර් සිටියි දැයි සොයා බැලීම ද ඊශ්‍රායල හමුදා සහ බුද්ධි අංශ දිගින් දිගටම සිදු කළා.

ඒ සින්වර්ගේ මරණය සිදුවීම ඊශ්‍රායල යුද්ධයේ ප්‍රධාන බලාපොරොත්තුව වන බැවින්.

ඊශ්‍රායල බුද්ධි අංශ විශ්වාස කළේ සින්වර් ගාසා උමං මාර්ගයක කොහේ හෝ සැඟව ඇති බවයි.

යහියා සින්වාර් ඝාතනය කිරීම ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඇති යුද්ධයේ මෙතෙක් ඊශ්‍රායලය ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසටයි සැලකෙන්නේ.

මෙම මරණය ඊශ්‍රායලයට දැවැන්ත ජයක් වුව ද හමාස් සංවිධානයට මරු පහරක් බවටත් යුද විශ්ලේෂකයින් පෙන්වාදෙනවා.

ඔහු මරා දැමුණේ සැලසුම් සහගත මෙහෙයුමකින් නොව දකුණු ගාසා තීරයේ රෆාහි දී ඊශ්‍රායල හමුදා සමඟ සිදු වූ අහඹු ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ දී ගන්නා ලද ඡායාරූපයක දැක්වෙන්නේ සින්වාර්, යුද ආම්පන්නවලින් සැරසී, යුද ටැංකි කොටුවකින් වට වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර මිය ගොස් සිටින ආකාරයයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, සිය සොල්දාදුවන්ට ප්‍රශංසා කළ අතර, කොතරම් විශාල ජයග්‍රහණයක් වුව ද, එය යුද්ධයේ අවසානය නොවන බව හෙතෙම පැහැදිලි කළා.

නෙතන්යාහු ප්‍රකාශ කළේ වැඩිදුරටත් මෙවැන්නක්;

අපට හිංසා කරන අයට මොකද වෙන්නේ කියලා අපි අද නැවත වරක් පැහැදිලි කළා. අද අපි නැවතත් ලෝකයට පෙන්වා දුන්නේ අයහපත පරදවා යහපතේ ජයග්‍රහණයයි.හැබැයි මගේ පින්වතුනි, යුද්ධය තවම ඉවර නෑ. ඒක අමාරුයි, ඒකට අපිට ලොකු වියදමක් යනවා.”
විශාල අභියෝග තවමත් අප ඉදිරියෙහි පවතිනවා. අපට විඳ දරාගැනීම, එකමුතුකම, ධෛර්යය සහ නොසැලී සිටීම අවශ්‍ය වනවා. අපි එක්ව සටන් කරමු, දෙවියන් වහන්සේගේ උපකාරයෙන් – එකට අපි ජය ගනිමු”
යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39