spot_imgspot_img
spot_img

දිල්ලියේ වායු දූෂණය මැඩපවත්වන්න කෘත්‍රිම වැසි

දිල්ලි නගරයේ පවතින අධික වායු දූෂණය මැඩපැවැත්වීමේ අරමුණින් කෘත්‍රිම වැසි ඇති කිරීමට දිල්ලි රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ නොවැම්බර් 20 සහ 21 යන දිනවල දී මෙලෙස කෘත්‍රිම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර නගරයේ වායු දූෂණ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කෘතිම වර්ෂාව පිළිබඳ අදහස ක්‍රියාත්මක කිරීමට දිල්ලි රජය දරන උත්සාහයන් මධ්‍යයේ දිල්ලි අගනුවරට ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වර්ෂාව පතිත වී ඇති බව ද වාර්තා වනවා.

දිල්ලි හි ප්‍රදේශ කිහිපයකට මඳ වර්ෂාපතනයක් ලැබුණු බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

මේ අතර දිල්ලි සෞඛ්‍ය අංශ පවසන්නේ මෙලෙස වර්ෂාව පතිතවීම නගරයේ පවතින අධික වායු දූෂණය තරමක් හෝ පහව යෑමට සහනයක් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?