දිල්ලියේ – ලජ්ජාත් නගර් 1 හි පිහිටි නිවාස සංකීර්ණයක දී බිහිසුණු ඝාතනයක් සිදු ව තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ සහ ඔහුගේ බාල වයස්කාර පුත්‍රයා යි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණකාරියගේ සැමියා වන කුල්දීප් සෙවානිගේ ඇඟලුම් සාප්පුවේ සේවය කරමින් සිටි 24 හැවිරිදි මුකේෂ් පස්වාන් නමැත්තෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක් වූවන් වයස අවුරුදු 42ක් සහ 14 හැවිරිදි වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.
පොලිසිය ඉදිරියේ සැකකරු සිදු කර ඇති පාපොච්චාරණයට අනුව සැකකරු විසින් මරණකාරිය වන රුචිකා සහ ඇයගේ පුතු වූ ක්‍රිෂ් ගේ ගෙල කපා දමා ඇති බවත් ඊට හේතුව අදාළ තැනැත්තිය සාප්පුවේ දී ඔහුට සිදු කළ නින්දා සහගත බැණ වැදීම බවයි ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රාන්ත පොලිස් නිලධාරියෙකු සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කර ඇත්තේ;
“නිවස පුරා ලේ තිබුණා. කාන්තාවගේ ගෙල කපා ඇඳ අසල බිම කාමරයක මියගොස් සිටියා. අපි වැසිකිළිය විවෘත කරන විට, පුතා ඇතුළත මියගොස් සිටි අතර ඔහුගේ උගුර ද කැපී තිබුණා,” යනුවෙන්.