දින 200ක් මුහුදේ සිටි අමෙරිකානු භටයින් 5000ක් වෙහෙස නිවාගන්න තායිලන්තයේ පතායා වෙත

දින 200කට අධික කාලයක් යුද කටයුතුවල යෙදී සිටීමෙන් අනතුරව මැරීන් භටයින් 5,000ක් රැගත් එක්සත් ජනපද USS Abraham Lincoln ගුවන් යානා යුද නෞකාව හෙට (02) දිනයේ දී තායිලන්තයේ නැංගුරම් ලෑමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තායිලන්තයේ ප්‍රධාන වශයෙන් සංචාරක ආකර්ෂණ දිනාගත් නරගය වන පතායා වෙත මෙම නෞකාව පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දින 200කට අධික කාලයක් අඛණ්ඩව මුහුදේ ගත කිරීමෙන් පසු මැරීන් භයටන්ට විවේක සුවයෙන් ගත කිරීමේ අරමුණින් නෞකාව තයිලන්තයේ පතායා නගරය වෙත පැමිණීමට නියමිත අතර, පතායා නගරය ලොව වැඩිම ගණිකාවන් සිටින නගරයක් ලෙස ද සැලකෙනවා.

මේ අතර පතායා නගරය වෙත පැමිණෙන මෙම භට පිරිස් වෙත සේවා සැපයීම වෙනුවෙන් තායිලන්තය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වාර්තා වනවා.

මෙලෙස මෙම නෞකාව තායිලන්තයේ නැංගුරම් ලෑම තුළින් එරටට විශාල ආර්ථික වාසියක් අත්කර ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25