දින 200කට අධික කාලයක් යුද කටයුතුවල යෙදී සිටීමෙන් අනතුරව මැරීන් භටයින් 5,000ක් රැගත් එක්සත් ජනපද USS Abraham Lincoln ගුවන් යානා යුද නෞකාව හෙට (02) දිනයේ දී තායිලන්තයේ නැංගුරම් ලෑමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තායිලන්තයේ ප්‍රධාන වශයෙන් සංචාරක ආකර්ෂණ දිනාගත් නරගය වන පතායා වෙත මෙම නෞකාව පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දින 200කට අධික කාලයක් අඛණ්ඩව මුහුදේ ගත කිරීමෙන් පසු මැරීන් භයටන්ට විවේක සුවයෙන් ගත කිරීමේ අරමුණින් නෞකාව තයිලන්තයේ පතායා නගරය වෙත පැමිණීමට නියමිත අතර, පතායා නගරය ලොව වැඩිම ගණිකාවන් සිටින නගරයක් ලෙස ද සැලකෙනවා.
මේ අතර පතායා නගරය වෙත පැමිණෙන මෙම භට පිරිස් වෙත සේවා සැපයීම වෙනුවෙන් තායිලන්තය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වාර්තා වනවා.
මෙලෙස මෙම නෞකාව තායිලන්තයේ නැංගුරම් ලෑම තුළින් එරටට විශාල ආර්ථික වාසියක් අත්කර ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.













