තුන්සක රියේ දමා ගිය දරු සෙනෙහස (ඡායාරූප)

තලවකැලේ හින්දු කෝවිල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ බිළිඳියක් අතහැර දමාගොස් සිටිය දී ඊයේ (08) අලුයම් කාලයේ දී සොයාගෙන තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය දිනපතා එම ස්ථානයේ ගාල් කර තිබෙන එකක් බවට හඳුනාගෙන ඇති අතර, නගරයේ පිරිසිදු කිරීමට උදෑසනම පැමිණෙන නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසී ඒ පිළිබඳව සොයා බලා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ත්‍රිරෝද රථය තුළ අතහැර දමාගොස් සිටි බිළිඳිය හමුව ඇති අතර, පසුව අදාළ බිළිඳිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පොලිසිය පැමිණ බිළිඳිය ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදීමට කටයුතු අර ඇති බවයි වාර්තා වන්නේ.

දින 12-14 පමණ වයසැති මෙම බිළිඳිය සොයාගන්නා අවස්ථාවේ දී මනා ශරීර සෞඛ්‍යයකින් සිට ඇති අතර ඇයට
තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව්කිරි ද ලබාදී මෙලෙස රෝහල වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

බිළිඳිය ත්‍රිරෝද රථය තුළ දමාගිය අය පිළිබඳව මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන ඔස්සේ තලවකැලේ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ලිඳුලි ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බිළිඳිය අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48