තීරණාත්මක අවසන් T20 තරගයේ කාසියේ වාසිය සංචාරකයින්ට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් T20 තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට කොදෙව්වන් මීට ටික වේලාවකට පෙර (17) සමත් වුණා.

ඒ අනුව කොදෙව් නායක පවල් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

දෙරට අතර තරගය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වනවා.

මේ වනවිට තරග 03කින් සමන්විත T20 තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයම තරග 1-1 ක් ලෙස ජයගෙන සම මට්ටමේ පත්වනවා.

එබැවින් අද තරගය තරගාවලි ජයක් සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර කොදෙව් නායකත්වය හිමිව ඇත්තේ රෝව්මන් පවල්ටයි.

දෙරට අතර T20 තරග 17ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 09කම ජය හිමිකරගෙන තිබෙනවා.

තරග 08ක ජය හිමිව ඇත්තේ කොදෙව්වන්ටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18