තිරිඟු පිටි හිඟයට සතියකින් විසඳුම්

සතියක් යනවිට රට තුළ පවතින තිරිඟු පිටි හිඟයට විසඳුම් ලබාදීමට වෙළඳ අමාත්‍යවරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ බේකරි හිමියන්ගේ සංගමය අතර අද (05) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙරට තුළ පවතින ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙක තම නිෂ්පාදන අඩු කිරීම මෙලෙස වෙළඳපොළ තුළ තිරිඟු පිටි හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙවැනි තත්ත්වයක් තුළ ග්‍රෑම් 400ක පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බවයි එම සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

රජය විසින් මැදිහත්ව තිරිඟු පිටි හිඟයට කඩිනම් විසඳුමක් ලබා දුනහොත් පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා යාම වළක්වා ගත හැකි බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

පවතින තිරිඟු පිටි හිඟය ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් බේකරි හිමියන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට පසුගිය දා කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40