තායිලන්තයෙන් බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට

තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වී ඇති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහායි.

අද උදෑසන 10.25ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් ශ්‍රී ලංකාවේ දින 4ක කාලයක් ගත කිරීමට නියමිත අතර අනුරාධපුරයේ පැවැත්වෙන උත්සවයෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාව වන්දනා කිරීමට ද සැළසුම් කර තිබෙනවා.

මෙම තායිලන්තය බෞද්ධ දූත පිරිස පිළිගැනීම සදහා අනුරාධපුර අටමස්ථානයේ දායක පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියාසිටියේ.

4 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?