තද වැසි පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ ‘රතු නිවේදනයක්’

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ ‘රතු නිවේදනයක්’ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (15) උදෑසන 9.30ට නිකුත් කර ඇති අතර, එය හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත් වෙනවා.

අද උදෑසන දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලි මීටර් 193ක වර්ෂාපතනයක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මිලිමීටර අවිස්සාවේල්ල, පෙන්රිත් වතුයායෙන් මිලිමීටර 175ක්, ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 162ක් සහ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර 152ක් ලෙස වර්ෂාපතනය සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12