spot_imgspot_img

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (24 බ්‍රහස්පතින්දා) ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුවයි.

ට්‍රම්ප්ගේ උස අඩි හයක් අඟල් තුනක් (මීටර් 1.9) ලෙසත්, ඔහුගේ බර රාත්තල් 215ක් (කිලෝග්‍රෑම් 97ක්) ලෙසත්, ඔහුගේ හිසකෙස් වර්ණය “Blond or Strawberry” ලෙසත් බන්ධනාගාරය විසින් ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2020 වසරේ දී පැවැත් වූ ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුඉට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා මිනිත්තු 20 ක පමණ බන්ධනගාර ක්‍රියාවලියෙන් පසු, නිදහස් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළට වෙත ගොස් නිව් ජර්සි හි ඔහුගේ බෙඩ්මිනිස්ටර් නිවසට පිටත් ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
3
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?