ඩිල්ෂාන්ගේ මතක අලුත් කරන ලිමංසාගේ පිතිකරණය

අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට පෙරේදා (15) සමත් වුණා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් B කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන් හමුවේ පළමු තරගයෙන් පරාජයට පත් වූයේ මැලේසියානු කණ්ඩායමයි.

මැලේසියාව සත්කාරකත්වය දරන මෙවර ආසියානු ක්‍රිකට් කුසලානයේ මෙම තරගය ක්වාලාලාම්පූර් හි දී පැවැත්වුණු අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 153ක් රැස් කරගත්තා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නැංගූරම වූ නායිකා මනුදි නානායක්කාර සහ ලිමංසා තිලකරත්න එක්ව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර මනුදි නොදැවී ලකුණු 74ක් සහ ලිමංසා නොදැවී ලකුණු 41ක් රැස් කරගැනීමට සමත් වුණා.

මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 59ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ තමන් වෙනුවෙන් ස්ථානයක් හිමිකර ගැනීමට සමත් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ටී. එම්. ඩිල්ෂාන්ගේ දියණිය සම්බන්ධයෙන් ද මෙම තරගයෙන් පසුව යළිත් කතාබහක් මතු ව තිබෙනවා.

ටී. එම්. ඩිල්ෂාන් සිය දියණිය ගැන තරගය අවසානයේ දී තැබූ ෆේස්බුක් සටහනින් මෙම සිදුවීම යළිත් ඉස්මතු ව තිබෙනයුරු දැකිය හැකියි.

වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවන් ලැබූ පළමු ජයට සුබ පැතුම් එක් කර ඇති ඩිල්ෂාන් පවසා ඇත්තේ; තමන්ගේ දියණිය ඇතුළු කණ්ඩායම ලැබූ ජයග්‍රහණයට හදවතින් ම සතුටු වන බවයි.

එමෙන්ම තමන්ගේ දියණිය වන ලිමංසා සිය කණ්ඩායමේ නායිකාව වන මනුදි සමග ගොඩනැගූ ශක්තිමත් ලකුණු සබඳතාව තමන්ගේ ක්‍රිකට් දිවියේ එක් සිදුවීමකට මතකය ගෙන ගිය බව ද හෙතෙම සඳහන් කරන්නේ මෙසේයි;

” අද මගේ දුව ලිමන්සා එයාගේ කැප්ටන් එක්ක ලකුණු 109 ක Partnership එකක් දාලා මැච් එක දිනවනවා. 2009 අද වගේම දවසක, කුමාර් කැප්ටන් කරනකොට මම කුමාර් එක්ක 100 Partnership එකක් දානවා. මගේ ආදරණීය ලිමි ඒ මතකයන් නැවත අලුතින් ලියද්දී මට දැනෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. මනුදි දුව ඇතුළු ශ්‍රී ලංකා යොවුන් කන්තා කණ්ඩායමට ආසියානු කුසලානයේ පළමු ජයග්‍රහණය වෙනුවෙන් මම සුබ පතනවා.” යනුවෙන් එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31