ට්‍රම්ප් රටවල් 12ක සංචාරකයින්ට අමෙරිකාව තහනම් කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12ක සංචාරකයින්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි ට්‍රම්ප් මෙම තීරණයට එළැඹ ඇත්තේ, විදේශීය ත්‍රස්තවාදෙය්න් සහ අනෙකුත් ආරක්ෂක තර්ජනවලින් රට ආරක්ෂා කරගැනීමටයි.

රටවල් 12ක සංචාරකයින්ට අමෙරිකාව තහනම් කලාපයක් කරමින් බදාදා දිනයේ දී ට්‍රම්ප් විශේෂ ප්‍රකාශනයකට ද අත්සන් තැබුවා.

මෙම නියෝගය ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භයේ දී මෙම වසරේ දියත් කළ සංක්‍රමණ මර්දනයක කොටසක් වන අතර, කල්ලි සාමාජිකයන් බවට සැක කෙරෙන සියය ගණනක් වෙනිසියුලානු ජාතිකයින් එල් සැල්වදෝරයට පිටුවහල් කිරීම සහ සමහර විදේශීය සිසුන් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ද මෙකී ක්‍රියාවලියේ ඇතුළත්.

නවතම සංචාරක තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුල්වීම අර්ධ වශයෙන් සීමා කෙරුණා.

ට්‍රම්ප් X හි පළ කළ වීඩියෝවක මෙසේ පවසනවා.

අපට හානියක් කිරීමට කැමති පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ නොදෙමු,” යනුවෙන්.

මූලාශ්‍රය – REUTERS



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55