ජවිපෙ සූදානම මුදල් විශුද්ධිකරණයට ද ? – IMF ධූත පිරිසක් දිවයිනට (වීඩියෝ)

මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදී සංවිධාන සඳහා මූල්‍ය ආධාර සැපයීම යන කාරණා සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක් ඉඩ ලබා නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ආයතනයක් වන (FATF) මූල්‍ය ක්‍රියාකාරිත්ව කාර්ය සාධක බලකාය මගින් 2020 පෙර ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කළ බවත්, මුදල් විශුද්ධිකරණය හරහා රට කළමනාකරණය කිරීමට හැකි බවට ජාතික ජන බලවේගය විසින් විශ්වාස කරන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකාව නැවත දැඩි අවදානමකට ලක්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (21) අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගිණුම් ශේෂය තුළ ඇතිව තිබෙන පරතරය සීමා කර ගැනීම, ආර්ථික ක්‍රියාකාරීත්වය සහ උපාය මාර්ගික සැලැස්මක් මගින් ප්‍රාථමික ගිණුමේ ශේෂය ධනාත්මකව කිරීම වෙනුවට ජාතික ජන බලවේගය පවසන අන්දමට මුදල් විශුද්ධිකරණය මගින් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56