spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති නව වසරේ වැඩ අරඹයි

2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමුවුණා.

එහිදී නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණා.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියළු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදුන් අතර, නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහකට ද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියළුදෙනා එක්ව කැපවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති ඇමතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?