ජනපති නව වසරේ වැඩ අරඹයි

2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමුවුණා.

එහිදී නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණා.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියළු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදුන් අතර, නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහකට ද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියළුදෙනා එක්ව කැපවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති ඇමතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12