ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේ දී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරනවා – ජනපති

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (10) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමින්.

තිරිංග යොදා සිරකර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියා.

ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලව ද යම් යම් තීන්දු ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය .

ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, එම නිසා බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළා.

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 11ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථායිත්වයක් ආයෝජකයන් වෙත ලබාදීමට වත්මන් රජය මේ වන විටත් කටයුතු කර ඇති බවත්, එබැවින්, මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් මහා පරිමාණ ආයෝජන රැගෙන ඒමටත් වත්මන් රජයට හැකිව තිබෙන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළ තුළටත් පියමං කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට වත්මන් රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ලංකාවේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරත්වය සහිත පාලනය සිය රජය විසින් ගොඩනඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලිමේන්තු තුළ මෙරට පුරවැසියා දුටුවේ වරෙක විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමත්, වරෙක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හිටි හැටියේ විපක්ෂය නියෝජනය කිරීමත් බවද පැවසුවා.

එවැනි තත්ත්වයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුව හා විපක්ෂය යනුවෙන් නිශ්චිත වෙන්වීමක් ඇති බවද පෙන්වා දුන්නා.

එය දේශපාලන ස්ථාවරභාවය පෙන්වීමට හොඳම නිදසුනක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ.

ආදර්ශමත් දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සිහිපත් කළා.

එබැවින් වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී තහවුරු කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58