මෙරට රිලව් චීනයට අපනයනය කිරීමක් සම්බන්ධව මෙරට දැඩි කතාබහක් ඇතිව තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන පුද්ගලයින්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.
කෙසේ වෙතත් මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.
මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන පුද්ගලයින්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.