චාල්ස් රජු 2024-2025 කාලයට පවුම් මිලියන 12.9ක බදු ගෙවලා

2024-2025 වර්ෂයන් සඳහා තමන් පවුම් මිලියන 12.9ක බදු මුදලක් ගෙවූ බව බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හෙළි කර තිබෙනවා.

ඒ, අනුව බදු බිල්පත හෙළි කළ පළමු රජතුමා බවට තුන්වන චාල්ස් රජු පත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රජු විසින් ගෙවන ලද බදු මට්ටම ඔහුව එක්සත් රාජධානියේ බදු ගෙවන්නන්ගෙන් ඉහළම සිටින 100 දෙනා අතර පසුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර චාල්ස් රජු සහ කැමිලා රැජිණ බකිංහැම් මාලිගයට නොයන අතර, ක්ලැරන්ස් මන්දිරයේ දිගටම ජීවත් වන බව ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර චාල්ස් රජු විසින් 2023-2024 සඳහා පවුම් මිලියන 11.7 ක බදු මුදලක් ගෙවා ඇති අතර, විලියම් කුමරු එම කාලය සඳහාම පවුම් මිලියන 8.34 ක බදු මුදලක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

රජු සහ විලියම් කුමරු තමන් ගෙවන බදු ප්‍රමාණය ප්‍රකාශයට පත් කිරීම දෙදෙනාම විසින් ස්වේච්ඡාවෙන් ගනු ලැබූ පෞද්ගලික තීරණයක් බවයි ඔවුන්ගේ කාර්යාල පවසන්නේ.

2025-2026 සඳහා ගෙවිය යුතු බද්ද තවමත් විගණනය කෙරෙමින් පවතින අතර, ලබන වසරේ එය ප්‍රසිද්ධ කරනු ලබන බවයි මාලිගය පවසන්නේ.

මේ අතර රජු සහ විලියම් කුමරුගේ පෞද්ගලික ආයෝජන හෝ ආදායම හෝ කිසිදු විස්තරයක් අනාවරණය කර නැති බව විදෙස් වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04