චන්දිමාල්ගේ රියදුරු අත්අඩංගුවට

මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරුවරයා අද (02) දින අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක රිය පැදවීම යන කරුණු හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයක දී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අන්තරාදායක ලෙස රිය ධාවනය කරන අයුරු අනාවරණය වී තිබේ යැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුව අද දිනයේ දී අදාළ රියදුරුවරයා හා රථය පොලිස් භාරයට ගත්බව ද සඳහන් කළේය.

සැකකරු අද (02) දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රු 12,500ක දඩ මුදලක් නියම කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?