ගුරුවරියකට සහ ඇයගේ සැමියාට මරු කැඳවූ මාරක අනතුර

ස්ථාන මාරුවීමේ උත්සවයක් නිමා කරමින් යළි නිවෙස බලා පැමිණෙමින් සිටි එකම පවුලේ බිරිඳ හා සැමියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ අකුරැස්ස – සියඹලාගොඩ – පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධියේදියි.

මරණකරුවන් පිටබැද්දර – මෙදේරිපිටිය පාසලෙන් ස්ථාන මාරු වීමේ උත්සවයකට ගොස් යළි නිවෙස බලා යමින් සිටියදී පිටබැද්දර සිට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී වෑන් රියක් ඔවුන් ව යටකරගෙන ගොස් අසල තිබූ පස් කණ්ඩියක ගැටී නතර ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය ගුරුවරිය 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා ඉන්දික සම්පත් නම් අයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු කළ සැකකරු මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම ව්‍යාපාරිකයෙකු බවත් හෙළි ව තිබෙනවා.

මියගිය ගුරුවරියගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඇයගේ ස්වාමිපුරුෂයාගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබෙන බවයි අප දසත වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මරණකාරිය ගැබිනි මවක් බවට ද හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
38
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49