ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර මුදලකින් අද සිට පහළ යනු ඇති බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ.

පසුගිය මස 3 වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණා.

එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් පහළ දැමීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට රුපියල් 3,638ක්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681ක් වනවා.

මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

මේ අතර, LAUGFS Gas PLC විසින් සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ද සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14