spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර මුදලකින් අද සිට පහළ යනු ඇති බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ.

පසුගිය මස 3 වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණා.

එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් පහළ දැමීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට රුපියල් 3,638ක්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681ක් වනවා.

මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

මේ අතර, LAUGFS Gas PLC විසින් සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ද සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
2
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?