ගාල්ල මහ නගර සභාව රජයට කළ අයුතු අලාභයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ගාල්ල මහ නගර සභාවට අයත් ව්‍යාපාරික ස්ථානයක් වර්ෂ 2023 දී විගණන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වෙත 2022 වර්ෂයේ දී වාර්ෂික තක්සේරුව රුපියල් 6,100,000ක් මිල නියම කර තිබිය දී මාසයකට රුපියල් 150ක කුලියට එනම් වර්ෂයකට රුපියල් 1800ක මුදලකට බදු දී ඇති බව විගණනයේ දී හෙළි ව තිබෙනවා.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් අද (23) දිනයේ දී ලිපියක් යොමු කරමින් අල්ලස් කොමිසම වෙත දන්වා ඇත්තේ 2018 – 2023 වර්ෂවල සභාවේ නායකත්වය දරණ නගරාධිපති වශයෙන් ප්‍රියන්ත ජී සහ බන්දු මහතා කටයුතු කර ඇති බවයි.

හෙතෙම මේ වනවිට (23) නියෝජ්‍ය නගරාධිපති ධුරයේ වැඩබලන පුද්ගලයා වන අතර මෙම දූෂණයට නගරාධිපති, මහලේකම්, උප සභාපති, පාලක නිලධාරීන් සියලුදෙනා වගකිව යුතු බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

එම නිසා මෙම ක්‍රියාවලියේ රජයට අයුතු පාඩුවක් හා යම් පිරිසකට අයුතු ලාභයක් අත් කර දී ඇති බව පෙනී යන කාරණාවක් බවත්, එම නිසා මේ පිළිබඳ ව නිසි පරීක්ෂණයක් ආරම්භ කර වගකිව යුතු දේශපාලන අධිකාරියට හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර රජයට සිදු වී ඇති අලාභය ද ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දූෂණය, අල්ලසට එරෙහි පුරවැසි බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54