ගම්පහ ඔස්මන්ට පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයෙක් වන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් තැනැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හමුවේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

සැකකරු ඊයේ (13) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පහ ශ්‍රී බෝධිරාම ප්‍රදේශයේදීයි.

පසුගිය වසරේ පෙබරවාරි මස 19 වැනිදා ගණේමුල්ල සංජීව නැමති අයව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවෙක්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted