Fly high Get bonus Aviator Phone

ගමනාගමන මණ්ඩලයේ කාර්මික ශිල්පී හිඟයට විසඳුමක්

ගමනා ගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම් වශයෙන් ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා සිසුන් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා පැවැත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාවට ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී සිටියා.

මේ අනුව අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 50 දෙනෙකුගෙන් යුතු තාක්ෂණික සිසු කණ්ඩායමකට විශේෂ පුහුණුවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබාදීමේ ප්‍රධාන අරමුණින් ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කළද මේ වනවිට එම අවශ්‍යතාවය නිසි පරිදි ඉටු නොවන බවයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූයේ.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ අඩු පාඩු පිරවීම සඳහා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට වාර්ෂිකව බඳවා ගන්නා සිසුන්ගෙන් 50 දෙනකු ගමනාගමන මණ්ඩලයේ පුහුණුව සඳහා ලබාදෙන ලෙස මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉල්ලා සිටියා.

ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයේ හොඳ පිළිගැනීමක් තිබෙන නිසා පූර්ණකාලීන පාඨමාලාව සඳහා සිසුන් 600ක් බඳවා ගැනීම සිදු කළද ඔවුන් වෙනත් රැකියා අවස්ථා සඳහා යොමුවීම ගැටලුවක් බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

තවද සිසුන්ට පුහුණුව ලබාදීමේදී පවතින පුහුණුකරුවන්ගේ හිඟය සහ පහසුකම්වල අඩුපාඩු යනාදිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තාක්ෂණික ශිල්පී අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමඟ සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා ලෙසටයි කමිටු සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ.

ලංකා – ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය සමඟ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එ්කාබද්ධව පුහුණු පාඨමාලා මධ්‍යස්ථානයක් මහනුවරදී ආරම්භ කිරීමට අදාළ යෝජනාව පිළිබදව ද කඩිනමින් සලකාබලන ලෙස ද මෙහිදී කමිටු සභාපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11
Video thumbnail
ආණ්ඩුවට ලුණු ඇඹුල් ඇතිව බණ දෙසපු වනවාසී රාහුල හිමි
03:18
Video thumbnail
අදත් මල් පාරේ ප්‍රබලයෝ රැසක් එක්වෙයි - මෙන්න ඇහෙන අලුත්ම කතාව
11:03
Video thumbnail
ගම්පහ සමූපාකාර හෙඩ් ඔෆිස් එක කෝටි ගාණකට උකස් තියලා
03:58

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?