ගමනාගමන මණ්ඩලයේ කාර්මික ශිල්පී හිඟයට විසඳුමක්

ගමනා ගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම් වශයෙන් ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා සිසුන් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා පැවැත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාවට ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී සිටියා.

මේ අනුව අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 50 දෙනෙකුගෙන් යුතු තාක්ෂණික සිසු කණ්ඩායමකට විශේෂ පුහුණුවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබාදීමේ ප්‍රධාන අරමුණින් ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කළද මේ වනවිට එම අවශ්‍යතාවය නිසි පරිදි ඉටු නොවන බවයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූයේ.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ අඩු පාඩු පිරවීම සඳහා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට වාර්ෂිකව බඳවා ගන්නා සිසුන්ගෙන් 50 දෙනකු ගමනාගමන මණ්ඩලයේ පුහුණුව සඳහා ලබාදෙන ලෙස මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉල්ලා සිටියා.

ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයේ හොඳ පිළිගැනීමක් තිබෙන නිසා පූර්ණකාලීන පාඨමාලාව සඳහා සිසුන් 600ක් බඳවා ගැනීම සිදු කළද ඔවුන් වෙනත් රැකියා අවස්ථා සඳහා යොමුවීම ගැටලුවක් බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

තවද සිසුන්ට පුහුණුව ලබාදීමේදී පවතින පුහුණුකරුවන්ගේ හිඟය සහ පහසුකම්වල අඩුපාඩු යනාදිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තාක්ෂණික ශිල්පී අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමඟ සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා ලෙසටයි කමිටු සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ.

ලංකා – ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය සමඟ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එ්කාබද්ධව පුහුණු පාඨමාලා මධ්‍යස්ථානයක් මහනුවරදී ආරම්භ කිරීමට අදාළ යෝජනාව පිළිබදව ද කඩිනමින් සලකාබලන ලෙස ද මෙහිදී කමිටු සභාපතිවරයා උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46