ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තුන්වන දිනය වූ ඊයේ (11) දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව තවත් කඩුලු 06ක් අතැතිව පාකිස්ථාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 30ක් පසුපසින් සිටියා.

පළමු ඉනිම වෙනුවෙන් පාකිස්ථානය කඩුලු 09ක් දැවී ලකුණු 434ක් ලබාගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඊයේ දිනට තරගය අවසන් කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 167ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 117ක් රැස්කරගෙන සිටියා.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පළමු ඉනිමේ 05 වන කඩුල්ලට ගොඩනගා ඇති සබඳතාවය ලකුණු 249ක්.